Wednesday, July 22, 2015

Ultrasonic sensor module with Arduino.



Ultrasonic sensor module with Arduino…  (අති ද්වනි තරංග සංවේදකය භාවිතය)




කොහොමද යාලුවනේ... අද ලිපියෙන් කියල දෙන්න උත්සහ කරන්නේ අති ද්වනි සන්වේදකය, එහෙමත් නැත්නම්  ultrasonic sensor module  ගැන. මුලින්ම අපි බලමු අති ද්වනි තරංග කියන්නේ මොනවද කියල.



ඇති ද්වනි තරංග කියන්නේ සංඛයාතය 20,000 Hz ට වැඩි තරංග පරාසයට අයත් වන තරංග විශේෂයක්. ඒ කියන්නේ මේ තරංග මිනිසාට ශ්‍රවනය කරන්න බැහැ ; මොකද මිනිසාගේ ශ්‍රවන පරාසය
වෙන්නේ 20 Hz – 20,000 Hz පරාසය නිසා. 




ඔයාලට මතක ඇති නේ වවුලා තමන්ගේ ගමන් මාර්ගය, තමන්ගේ ගොදුරු සොයාගන්න උපකාරී කරගන්නේ මේ ඇති ද්වනි තරංග කියල ?

හොදයි. දැන් අපි බලමු Arduino සමග ultrasonic sensor module යොදාගන්නේ මොන වගේ වැඩ වලටද කියල.



මේ රූපයේ තියෙන්නේ ultrasonic sensor module එකක්. මේකෙන් අපිට යම් වස්තුවක්, මේ සංවේදකයේ ඉදල කොපමණ දුරකින් තියෙනවද කියල දැනගන්න පුළුවන්. ඒ කියන්නේ යම් වස්තුවකට තිබෙන දුර මැනගන්න පුළුවන්. ඒ වගේම ඉදිරියෙන් තියෙන බාධක වගේ දේවල් අදුනගන්නත් පුළුවන්.

පහල රූපයෙන් පෙන්වල තියෙන්නේ ultrasonic sensor module එකේ අග්‍ර හදුනාගන්න ආකාරය.



  • වම් කොනේම තියෙන්නේ VCC Pin එක. මේක සම්බන්ද කරන්නේ Arduino එකේ 5V වලට.(+)

  • දෙවනුව තියෙන්නේ Trigger Pinඑක. මේක සම්බන්ද වෙන්නේ Arduino එකේ Digital Pin එකකට.

  • තුන්වෙනියට තියෙන්නේ Echo Pin එක. මේක සම්බන්ද වෙන්නේ Arduino එකේ තවත් Digital Pin එකකට.

  • හතර වෙනි Pin එක තමයි GND Pin එක. මේක සම්බන්ද වෙන්නේ Arduino එකේ GND වලට. (-)



හරි. දැන් බලමු කොහොමද මේ sensor එක වැඩ කරන්නේ කියල.

 ඔයාලට පේනවා ඇති ඔය sensor එකේ සම්බන්ද කරලා තියෙන සිලින්ඩරාකාර කොටස් දෙකක්. ඒවා T සහ R කියල නම් කරලා තියෙනවා පේනවා නේ. 



 T වලින් හදුන්වන්නේ ultrasonic waves පිට කරන කොටස(TX). ඒ වගේම R වලින් කියන්නේ ultrasonic waves සංවේදනය කරගන්නා කොටස(RX).

ඇත්තටම මේක වැඩ කරන්නේ කොහොමද?



  • මේකෙදි වෙන්නේ මුලින්ම Arduino එකෙන් sensor module එකේ Trigger Pin එකට විධානයක් දෙනවා. විධානය විදියට දෙන්නේ 10uS Pulse එකක් (මේ Trigger Pulse එකේ අවම කාලය තමයි 10uS කියන්නේ.මේ අගය මීට වඩා වැඩි වෙන්නත් පුළුවන්).



  •  පස්සේ module එකේ TX කියන කොටසින් ultra sonic waves පිට කරනවා. මෙතැනදී ඇත්තටම වෙන්නේ චක්‍ර අටකින් යුතු අති ද්වනි තරංග පෙරමුණක් පිට කිරීම(8 cycles of sonic burst). මෙම තරංග වල සංඛ්‍යාතය 40KHz (40,000 Hz)වේ.
මේ මොහොතේම Echo Pin එක HIGH බවට පත් වෙනවා.
  • මේ waves, ඉදිරියේ බාධකයක් තියෙනවා නම් එකේ වැදිලා, පරාවර්ථනය වෙලා ආපසු module එකට ලගා වෙනවා. (Echo)



  • දැන් module එකේ තියෙන RX කොටසින් අර කලින් කියපු පරාවර්තිත තරංග පෙරමුණ සංවේදනය කරගන්නවා.
මේ මොහොතේදී Echo Pin එක LOW බවට පත් වෙනවා.



දැන් අපිට පුළුවන් Arduino එකෙන් Echo Pin එක HIGH බවට පත් උන වෙලාවේ ඉදල Echo Pin එක LOW බවට පත් වීම දක්වා කාලය ගණනය කරගන්න.(ඔය රූපයේ MCU කියන්නේ Micro Controler Unit කියක එක. මෙතැනදී Arduino එක. :)  )

ඔය විදියට Trigger Pin time difference එක මැනගන්න පුළුවන්.
පසුව එම අගය යොදාගෙන අපට අවශ්‍ය කාර්යය කරගන්න පුළුවන්.



මෙම ultrasonic sensor module වෙළදපොළෙන් මිලදීගත හැක.
 ඒ වගේම මේක යොදාගෙන කරන්න පුළුවන් නිර්මාණ ඉදිරියට  ඔබ වෙත ගෙන ඒමට බලාපොරත්තු වෙනවා.

මේ පිළිබද ගැටළු තිබේනම් Comment එකක් දාන්න.

17 comments:

  1. Ela ela digatama wade karanna

    ReplyDelete
  2. හොඳ ළිපියක්

    ReplyDelete
  3. Niyamai.......a wagema mewata thiyena Link tikakuth dammanam niyamai....

    ReplyDelete
  4. දෙදෙනාගේම අදහස් වලට ස්තූතියි... ඉදිරි ලිපි වලදී ඊට අනුරූප ව්‍යාපෘති වල සබැදුම් (Links) පලකරන්න්ම්...

    ReplyDelete
  5. දෙදෙනාගේම අදහස් වලට ස්තූතියි... ඉදිරි ලිපි වලදී ඊට අනුරූප ව්‍යාපෘති වල සබැදුම් (Links) පලකරන්න්ම්...

    ReplyDelete
  6. දෙදෙනාගේම අදහස් වලට ස්තූතියි... ඉදිරි ලිපි වලදී ඊට අනුරූප ව්‍යාපෘති වල සබැදුම් (Links) පළකරන්න්ම්...

    ReplyDelete
  7. Math arduino egena ganna kenek.me wire connection pahadili.ath mekta cord akak liynna thiyenwa neda.aka kiyla dennako

    ReplyDelete
    Replies
    1. Ultrasonic Sensor with arduino part 2 බලන්න.

      Delete
    2. Ultrasonic Sensor with arduino part 2 බලන්න.

      Delete
    3. Ultrasonic Sensor with arduino part 2 බලන්න.

      Delete